Tattoos of Heart

හදේ කෙටුනු ටෑටු

අතිතයේ සොදුරැ සෙවනැලි

Bookmark and Share




අතීතය යනු බොහෝ සුන්දරවුත් අසුන්දරවුත් මතකයන් හා සිතූවිලි සමුදායක සොදුරූ ආවර්ජනයකි.  වචන ගලපා කියාගන්නට නොහැකි වුත් එහෙත් වචන වලින් අර්ථවත් කරන්නාවු ඒ සොදුරැ මතකයන් හා අදුරැ සෙවනැලි එකිනෙක පෙලගස්වා ගන්නට ලත් සොදුරැ වැයමක පලමු පෙලගැස්ම මෙසේ සනුටුහන් කරන්නෙමි. ............


යෞවනයේ එක් සොදුරැ දිනයක නුපුරැදු දැසක් නෙත ගැටෙන්නට විය.  නුපුරැදු ඒ රැව ඉතා කෙටි කලකින් හිතට නෙතට සුපුරැදු රැවක් විය. ජිවිතයේ සොදුරැ ඉසවිවක කෙලිලොලින් නිදහස්ව විදි ඒ යෞවනයට, ආදරයේ සුවද ඔහුගේ බැල්මෙන් එබිකමි කරන්නට විය. කටුක ඡිවිතයේ ගැඔුර නොදැනුනද, සුන්දර ආදරයක ඉමිහිර විදින්නට ‍යෞවනය පසුබට වුයේ නැත. ඒ සොදුරැ අතිතය යල යලිත් ආවර්ඡනය කරන්නට තරමි සොදුරැය, මිහිරිය, නිදහස්ය.  යෞවනයේ දැනුන ඒ ආදරය අදටත් හිත කොනක සගවා තබා ගන්නට තරමි පිවිතුරැ විය, නිකලැල් විය.

අතිතයේ විදි ඒ ආදරය, ඔහු හා බැදුන මතකයන්, හද තුල සිරවු ඒ හැගිමි බර සිතුවිලි එකිනෙක පෙලගස්වා රැප පෙලහරක් ලෙස සදා මතකයන් බවට පත්කර සිත් කොනක අදටත් තබාගැනිමට මගේ සිත කාරැනික විය. එහෙත් එය ආදරයේ බොලද කමක්ද , නැතහොත් එම බැදිම එතරමටම සුන්දර නිසාදෝ මම නොදනි. 

අප සැම තුල අපට මතකයෙන් බැහැර කල නොහැකි, නමුත් අපටම අයිති වු, නමුත් අප සතු නොවන ආදරයක් ඇත, මටද එ‍ෙස්ම විය.  මිහිරි බලාපොරොත්තු සහිත ගලාගන ගිය ඒ අපුර්වත්වයේ තටු තලන්නට තරම ඔහු අකාරැනික විය.  සොදුරැව තැනු එම සිහින මාලිගාව කඩා වැටෙද්දි , යෞවනයේ තනිකම හා ආදරයේ විරහව සිතට තදින්ම දැනෙන්නට විය.  ආදරයේ වෙදනාව යනු යෞවනයේ ලැබු ගැඔුරැම අත්දැකිම විය.

වසර ගනනාවක් ගෙවි ගියද, ඡිවිතය අත්දැකිමි වලින් පිරිපුන් වුවද අදටත් එම සොදුරැ අතිතයේ මිහිරියාව සිත තුල සක්මක් කරන්නට විය. අතිතයේ සොදුරැ සෙවනැලි වල මිහිරියාව හා යෞවන ආදරයේ සුන්දරත්වය යලි යලිත් ආවර්ඡනය කරන්නට තරමි එය මිහිරිය, එතරමිම එහි විරහව වෙිදනා ගෙනාවෙිය. යෞවනය, ආදරය,  විරහාව,වෙදනාව ඡිවත ගමනේ අපට වරින් වර හමුවන කඩඉමිය. මෙම සෑම කඩඉමකම සොදුරැ මතකයන් හා අදුරැ සෙවනැලි ‍වෙලි ඇත.  මමද එය වින්දෙමි. කෙතරමි හදවතට රිදුමි දුන්නද, දෑස් අග කදුළු බිදු වලින් තෙමි ගියද, වරින් වර හදවත සිරැවට පිරිමැද එම අතිතයට එබිකම කරන්නට තරමි එම අතිතයට මම ආදරය කරමි........




posted by Sajini Lakshika Chandrasekera @ 11:51 PM,

6 Comments:

At June 13, 2014 at 12:07 AM, Blogger S A J Shirazi said...

Wish I could read.

 
At June 13, 2014 at 12:18 AM, Blogger Unknown said...

@ S A J Shirazi ....

I also wish you can read this coz I know you will like it :-)

 
At June 13, 2014 at 1:22 AM, Blogger chandana said...

well done Sajini. that's great

 
At June 13, 2014 at 1:27 AM, Blogger Unknown said...

@ Chandana Gunatilake

Thanks a lot Chandana and as always your words are most encouraging :-)

 
At June 15, 2014 at 10:57 PM, Blogger Travel Ceylon said...

අදමයි මේ පැත්තට ආවෙ. සෑහෙන්න හිතට වැදුනා. ඉතිරි ටිකත් ලියන්න.

 
At June 16, 2014 at 2:38 AM, Blogger Unknown said...

@ tharaka Samaranayake

ඔබගේ අදහස් චලට ස්තුතියි. මෙය මගේ පලමු උත්සාහයයි. :-)

 

Post a Comment

<< Home



Web This Blog

Blog Roll