Tattoos of Heart

හදේ කෙටුනු ටෑටු

මුහුණු පොතේ කුමාරයා

Bookmark and Share




මුහුණු පොතේ යාළුවෙන්න
කවුද හැන්ඩි පොරක් ඇවිත්
ඇරියා මම profile එක
හිතට ඇල්ලුවා වතගොත

මාත් ඉතින් accept කලා
කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව
මෙන්න බොලේ chat එකට ආවා
මාත් ඉතින් ඉගිබිගියෙන් chat කලා

ටික කලක් මෙහෙම ගියා
ගෙදර වැඩත් ගොඩගැහුනා
පරිප්පු හොද්ද ලිපේ කරවුනා
මහත්ත‍යත් බර බර දැමිමා

කසාදේ කන පිට ‍යන බව නොදැනුනා
මුහුණු පොතේ කුමාරයා ගැනම සිතුවා
මෙය මායාවක් බව නොදැනුනා
Facebook එකටම  addict වුනා

Facebook කුමාරයා අතුරැදහන් වුනා
Online ඵක මට ඵපා වුනා
මිරිගුවක් පසුපස දුව ඇති බව දැනුනා
ඡිවිතයම පිස්සු වැටෙන්නට වුනා...........

posted by Sajini Lakshika Chandrasekera @ 11:41 PM, ,

සිතක ආවර්ඡනා

Bookmark and Share




අතිතය යනු යලි යලිත් මතකයන් ආචර්ඡනය කල හැකි සොදුරැ තොතැන්නකි. සොදුරැ මතකයන් හා හද කකියන රිදුමි දෙන විටක සිනහවත්,විටක කදුලත් ගෙනෙන එම අතිතයට මම සැමදා ලෙන්ගතු වන්නෙමි.

මෙතුවක් තුරාව‍ට ඔබ රැව මා හද තුල හින් සිරැවට සක්මන් කරන්නට විය. ඔබ මතකයන් සිත හැඹුරැම තැන අදටත් ඡිවමානව පවති. ඔබ තුල වු ඒ සොදුරැ මිනිස්කම, හද පත්ලේ වු ඒ ලෙන්ගතුම ආදරය අදටත් මා සිත තුල නිකලැල්ව පවති. අතිතයේ එක් සොදුරැ කාලපරිචිචේදයක ඔබ මගේම විය, මා ඹබෙම විය, අදටත් එය එසේමය.

ඡිවිතයේ සිරැවට වන සිදුවිමි තුල අපට නොතේරන බොහෝ දේ ඇත. එවන් සිදුවිමි පෙලගැස්මක් නිසාවෙන් අද අප දෙතැනක සිටියද, ඡිවිතයේ ඒ සොදුරැ මතකයන් සමග මම අද ඡිවත් වෙමි.  ඔබ මට හිමි නැති බව යථාර්තය වුවද, පෙර දවස හද බැදි ආත්මිය බන්දනය  අදටත් එසේමය.

ඔබ මුව රැදි ඒ සොදුරැ සිනහව යලි යලිත් මා සිත කළඹවන වරක් පාසාම නෙතග කදුළක් රැදෙන්නේ එම සිනාවට මා එතරමිම ආදරය කල නිසාදැයි මා නොදනිමි. ඔබ තෙපලු වදන් පේලි ඡිවිතයේ යථාර්තවබොධය මට පැහැදිලිව කියාදුන් නිසාදෝ ඡිවිතයේ සුන්දරත්වය විදින්නට මට ශක්තියක් විය. ඔබගෙන් මා උගත් දේ බොහෝය. ඡිවිතයේ පද පේලි සිරැවට ගලපන්නටත්, එහි මිහිරියාව සැහැල්ලුවෙන් විදින්නටත්, ඡිවිතය ගැඔරින් බලන්නටත් ඔබ මට කියාදුන්නේය. යෞවනය, ආදරය හා බැදිමි හා සබැදි අප ඡිවිත,  ඔබ හා මා හද පත්ලෙන්ම විදින්නට විය.  ආදරය යනු රාගය නොව ආත්මිය බැදිමක් බව ඔබ මට පසක් කළේය. පිවිතුරැ ආදරයක් යනු සන්සාර ගමනක් යන්න අප පසක් කර ගත්තෙමු.



අද මා ඡිවිතය ආවර්ඡනා කරනා විට ඔබ යනු මගේ ඡිවිතයේ සන්දිස්ථානයකි. ඡිවිත යථාර්තයේදි ඔබ මා දෙතැනක සිටියත් එක් කාලපරිචිඡේදයක අප එක මග ගමන් කලෙමු.  එය සුන්දරවුත් අපුර්වවුත් ගමනකි.  ආදරයෙන් හා ලෙන්ගතු කමින් පරිපුර්න වු කාලයකි. වසර ගනනාවක් ගෙවි ගියද අදටත් මට ඔබ මතක‍ෙයන් බැහැර කල නොහැක.  යලි යලිත් ආවර්ඡනය කරන්නට තරමි සුන්දර අතිතයකින් හෙබි වුත් පිවිතුරැ ආදරයකින් පරිපුර්න වුත් ,ආදරනිය මතකයන් සමුදායක් මට හිමිකර දුන්නේය. මොහොතක් මොහොතක් පසා ඔබ රැව මා හද තුල හෙමිහිට සිරැවට පෙලගැස්වෙයි. දෑස් පියාගත් විට දැහැන් ගත වන්නට තරමි අප බැදිමි අප තුල එදා සේම අදටත් ඡිවමානව පවති. 

posted by Sajini Lakshika Chandrasekera @ 12:20 AM, ,

හද ඉකි ගැසු මොහොතක්

Bookmark and Share





ලා සද බැසයන ගොම්මන් අදුරේ
ඔබ හා මා ඇචිද ගිය ඒ දෙවට දිගේ
අද මා තනිව ගමන් කරනා ඒ මගේ
අතිත‍ෙය් සොදුරැ මතකයන් ඇත ‍හදේ

හද ඉකිගසා හඩනා විට රහසේ
ඔබ තෙපලු ආදර වදන් මතකයට නැගේ
යලි යලිත් සිහි කරමි ඔබ මතකේ
පැමින ගෙන යනු මැන මා සොද ඔබ තුරැලේ.......

posted by Sajini Lakshika Chandrasekera @ 11:22 PM, ,

අතිතයේ සොදුරැ සෙවනැලි

Bookmark and Share




අතීතය යනු බොහෝ සුන්දරවුත් අසුන්දරවුත් මතකයන් හා සිතූවිලි සමුදායක සොදුරූ ආවර්ජනයකි.  වචන ගලපා කියාගන්නට නොහැකි වුත් එහෙත් වචන වලින් අර්ථවත් කරන්නාවු ඒ සොදුරැ මතකයන් හා අදුරැ සෙවනැලි එකිනෙක පෙලගස්වා ගන්නට ලත් සොදුරැ වැයමක පලමු පෙලගැස්ම මෙසේ සනුටුහන් කරන්නෙමි. ............


යෞවනයේ එක් සොදුරැ දිනයක නුපුරැදු දැසක් නෙත ගැටෙන්නට විය.  නුපුරැදු ඒ රැව ඉතා කෙටි කලකින් හිතට නෙතට සුපුරැදු රැවක් විය. ජිවිතයේ සොදුරැ ඉසවිවක කෙලිලොලින් නිදහස්ව විදි ඒ යෞවනයට, ආදරයේ සුවද ඔහුගේ බැල්මෙන් එබිකමි කරන්නට විය. කටුක ඡිවිතයේ ගැඔුර නොදැනුනද, සුන්දර ආදරයක ඉමිහිර විදින්නට ‍යෞවනය පසුබට වුයේ නැත. ඒ සොදුරැ අතිතය යල යලිත් ආවර්ඡනය කරන්නට තරමි සොදුරැය, මිහිරිය, නිදහස්ය.  යෞවනයේ දැනුන ඒ ආදරය අදටත් හිත කොනක සගවා තබා ගන්නට තරමි පිවිතුරැ විය, නිකලැල් විය.

අතිතයේ විදි ඒ ආදරය, ඔහු හා බැදුන මතකයන්, හද තුල සිරවු ඒ හැගිමි බර සිතුවිලි එකිනෙක පෙලගස්වා රැප පෙලහරක් ලෙස සදා මතකයන් බවට පත්කර සිත් කොනක අදටත් තබාගැනිමට මගේ සිත කාරැනික විය. එහෙත් එය ආදරයේ බොලද කමක්ද , නැතහොත් එම බැදිම එතරමටම සුන්දර නිසාදෝ මම නොදනි. 

අප සැම තුල අපට මතකයෙන් බැහැර කල නොහැකි, නමුත් අපටම අයිති වු, නමුත් අප සතු නොවන ආදරයක් ඇත, මටද එ‍ෙස්ම විය.  මිහිරි බලාපොරොත්තු සහිත ගලාගන ගිය ඒ අපුර්වත්වයේ තටු තලන්නට තරම ඔහු අකාරැනික විය.  සොදුරැව තැනු එම සිහින මාලිගාව කඩා වැටෙද්දි , යෞවනයේ තනිකම හා ආදරයේ විරහව සිතට තදින්ම දැනෙන්නට විය.  ආදරයේ වෙදනාව යනු යෞවනයේ ලැබු ගැඔුරැම අත්දැකිම විය.

වසර ගනනාවක් ගෙවි ගියද, ඡිවිතය අත්දැකිමි වලින් පිරිපුන් වුවද අදටත් එම සොදුරැ අතිතයේ මිහිරියාව සිත තුල සක්මක් කරන්නට විය. අතිතයේ සොදුරැ සෙවනැලි වල මිහිරියාව හා යෞවන ආදරයේ සුන්දරත්වය යලි යලිත් ආවර්ඡනය කරන්නට තරමි එය මිහිරිය, එතරමිම එහි විරහව වෙිදනා ගෙනාවෙිය. යෞවනය, ආදරය,  විරහාව,වෙදනාව ඡිවත ගමනේ අපට වරින් වර හමුවන කඩඉමිය. මෙම සෑම කඩඉමකම සොදුරැ මතකයන් හා අදුරැ සෙවනැලි ‍වෙලි ඇත.  මමද එය වින්දෙමි. කෙතරමි හදවතට රිදුමි දුන්නද, දෑස් අග කදුළු බිදු වලින් තෙමි ගියද, වරින් වර හදවත සිරැවට පිරිමැද එම අතිතයට එබිකම කරන්නට තරමි එම අතිතයට මම ආදරය කරමි........




posted by Sajini Lakshika Chandrasekera @ 11:51 PM, ,

Welcome to Tattoos of Heart - My Sinhalese Blog

Bookmark and Share

හදේ කෙටුනු ටෑටු

Labels:

posted by Sajini Lakshika Chandrasekera @ 9:30 AM, ,



Web This Blog

Blog Roll