Tattoos of Heart

හදේ කෙටුනු ටෑටු

සිතක ආවර්ඡනා

Bookmark and Share




අතිතය යනු යලි යලිත් මතකයන් ආචර්ඡනය කල හැකි සොදුරැ තොතැන්නකි. සොදුරැ මතකයන් හා හද කකියන රිදුමි දෙන විටක සිනහවත්,විටක කදුලත් ගෙනෙන එම අතිතයට මම සැමදා ලෙන්ගතු වන්නෙමි.

මෙතුවක් තුරාව‍ට ඔබ රැව මා හද තුල හින් සිරැවට සක්මන් කරන්නට විය. ඔබ මතකයන් සිත හැඹුරැම තැන අදටත් ඡිවමානව පවති. ඔබ තුල වු ඒ සොදුරැ මිනිස්කම, හද පත්ලේ වු ඒ ලෙන්ගතුම ආදරය අදටත් මා සිත තුල නිකලැල්ව පවති. අතිතයේ එක් සොදුරැ කාලපරිචිචේදයක ඔබ මගේම විය, මා ඹබෙම විය, අදටත් එය එසේමය.

ඡිවිතයේ සිරැවට වන සිදුවිමි තුල අපට නොතේරන බොහෝ දේ ඇත. එවන් සිදුවිමි පෙලගැස්මක් නිසාවෙන් අද අප දෙතැනක සිටියද, ඡිවිතයේ ඒ සොදුරැ මතකයන් සමග මම අද ඡිවත් වෙමි.  ඔබ මට හිමි නැති බව යථාර්තය වුවද, පෙර දවස හද බැදි ආත්මිය බන්දනය  අදටත් එසේමය.

ඔබ මුව රැදි ඒ සොදුරැ සිනහව යලි යලිත් මා සිත කළඹවන වරක් පාසාම නෙතග කදුළක් රැදෙන්නේ එම සිනාවට මා එතරමිම ආදරය කල නිසාදැයි මා නොදනිමි. ඔබ තෙපලු වදන් පේලි ඡිවිතයේ යථාර්තවබොධය මට පැහැදිලිව කියාදුන් නිසාදෝ ඡිවිතයේ සුන්දරත්වය විදින්නට මට ශක්තියක් විය. ඔබගෙන් මා උගත් දේ බොහෝය. ඡිවිතයේ පද පේලි සිරැවට ගලපන්නටත්, එහි මිහිරියාව සැහැල්ලුවෙන් විදින්නටත්, ඡිවිතය ගැඔරින් බලන්නටත් ඔබ මට කියාදුන්නේය. යෞවනය, ආදරය හා බැදිමි හා සබැදි අප ඡිවිත,  ඔබ හා මා හද පත්ලෙන්ම විදින්නට විය.  ආදරය යනු රාගය නොව ආත්මිය බැදිමක් බව ඔබ මට පසක් කළේය. පිවිතුරැ ආදරයක් යනු සන්සාර ගමනක් යන්න අප පසක් කර ගත්තෙමු.



අද මා ඡිවිතය ආවර්ඡනා කරනා විට ඔබ යනු මගේ ඡිවිතයේ සන්දිස්ථානයකි. ඡිවිත යථාර්තයේදි ඔබ මා දෙතැනක සිටියත් එක් කාලපරිචිඡේදයක අප එක මග ගමන් කලෙමු.  එය සුන්දරවුත් අපුර්වවුත් ගමනකි.  ආදරයෙන් හා ලෙන්ගතු කමින් පරිපුර්න වු කාලයකි. වසර ගනනාවක් ගෙවි ගියද අදටත් මට ඔබ මතක‍ෙයන් බැහැර කල නොහැක.  යලි යලිත් ආවර්ඡනය කරන්නට තරමි සුන්දර අතිතයකින් හෙබි වුත් පිවිතුරැ ආදරයකින් පරිපුර්න වුත් ,ආදරනිය මතකයන් සමුදායක් මට හිමිකර දුන්නේය. මොහොතක් මොහොතක් පසා ඔබ රැව මා හද තුල හෙමිහිට සිරැවට පෙලගැස්වෙයි. දෑස් පියාගත් විට දැහැන් ගත වන්නට තරමි අප බැදිමි අප තුල එදා සේම අදටත් ඡිවමානව පවති. 

posted by Sajini Lakshika Chandrasekera @ 12:20 AM,

0 Comments:

Post a Comment

<< Home



Web This Blog

Blog Roll