මුහුණු පොතේ කුමාරයා
Wednesday, July 23, 2014
මුහුණු පොතේ
යාළුවෙන්න
කවුද හැන්ඩි
පොරක් ඇවිත්
ඇරියා මම profile එක
හිතට ඇල්ලුවා
වතගොත
මාත් ඉතින් accept කලා
කිසි ඇහිල්ලක්
බැලිල්ලක් නැතිව
මෙන්න බොලේ chat එකට ආවා
මාත් ඉතින්
ඉගිබිගියෙන් chat කලා
ටික කලක් මෙහෙම
ගියා
ගෙදර වැඩත්
ගොඩගැහුනා
පරිප්පු හොද්ද
ලිපේ කරවුනා
මහත්තයත් බර
බර දැමිමා
කසාදේ කන පිට යන
බව නොදැනුනා
මුහුණු පොතේ
කුමාරයා ගැනම සිතුවා
මෙය මායාවක් බව
නොදැනුනා
Facebook එකටම addict වුනා
Facebook
කුමාරයා අතුරැදහන් වුනා
Online ඵක මට ඵපා වුනා
මිරිගුවක් පසුපස දුව ඇති බව දැනුනා
ඡිවිතයම පිස්සු වැටෙන්නට වුනා...........posted by Sajini Lakshika Chandrasekera @ 11:41 PM, ,